ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනය කම්පාවෙයි.... - Eelatheepam Sri Lankan Breaking NEWS

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනය කම්පාවෙයි....

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන ඉලක්ක කරමින් දකුණු බීරුට් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දක්වන්නේ, ඊශ්‍රායල - හිස්බුල්ලා යුද්ධ ගැටුම් ආරම්භයෙන් පසු ලෙබනනයට එල්ල වී ඇති ප්‍රහාරවලින් මේ වන විට මිය ගිය පිරිස දෙදහසකට ආසන්න බවයි.

ඊයේ රාත්‍රීයේ දී (03) දකුණු බීරුට් වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් ලෙබනනයේ ආරක්ෂක අස්ථාවරත්වය තවත් තීව්‍ර වී ඇති බවත්, මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ප්‍රහාරවලින් හිස්බුල්ලා සංවිධානයේ විධායක කවුන්සිලයේ ප්‍රධානියා වන හෂේම් සෆිදීනි ඝාතනය කිරීම ඊශ්‍රායලයේ මූලික අරමුණක් වී ඇති බව සඳහන් ය. ඊශ්‍රායල ප්‍රහාරවලදී හිස්බුල්ලා බුද්ධි අංශ ප්‍රධාන මූලස්ථානයට අයත් ගොඩනැගිලි ඉලක්ක කර තිබේ.

ඊශ්‍රායලය විසින් 2023 ඔක්තෝබර් 7 වනදා සිට ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් 127 දෙනෙකු ඇතුළු පුද්ගලයින් දෙදහසකට ආසන්න පිරිසක් මියගොස් ඇත.

About UPDATE